අරගලකරුවන්ට අරගල කිරීමට වෙනම ස්ථානයක්

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී නව ජනපති පොරොන්දු වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කොළඹදී අද පැවසුවා.

පැය 24න් අරගලකරුවන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි රටේ ප්‍රතිරුපයට විශාල හානියක් සිදුකරමින් එල්ලකල මෙම ප්‍රහාරය හෙලාදකින බවත් කිරිඇල්ල මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,

“මෙම සාමකාමී අරගලය දෙස මුළු ජත්‍යන්තරයම බලගෙන හිටියා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුලත මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්. එසේ තිබියදි මෙම පහරදිම ගැන අපිට කිසිසෙත්ම පිලිගන්න බැහැ. අරගලකරුවන්ට වීහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා පසුගියදා පක්ශ නායක් රැස්වීමෙදි නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා. පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අහින්සක අරගලකරුවන්ට,නීතිඥ මහත්වරුට, මාද්‍යවෙදීන්ට ,ජත්‍යන්තර මාද්‍යවෙදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්. අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක විශේෂයෙන්ම බටහිට රටවල් වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවනි ප්‍රහාරයක් එල්ල කිරිම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමිමක් බව ප්‍රකාශ කරනවා. ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරොපා හවුල ,මහා බ්‍රිතාන්‍ය ,ඇමෙරිකව,කැනඩාව වැනි රටවල් තරයේ හෙලා දැකලා තියනවා. දැනටමත් අපේ රටට විරුද්ධව ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා. දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුනාම අපිට විශාල ජත්‍යන්තර අර්බුදයකට මුහුන දෙන්න සිද්ද වෙනවා මේ රජය යන්නෙත් පරන රජය ගිය පාරේමයි කියන එක ඉතාමත් පැහැදිලියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45