රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග හිස්වූ මන්ත්‍රී අසුනට සාගල රත්නායක..?

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග හිස්වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, රුවන් විජේවර්ධන හෝ පාලිත රංගේ බණ්ඩාර යන අයගෙන් කෙනෙකු පත්කිරීමට අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

සාගල රත්නායකට හෝ රුවන් විජේවර්ධනට මෙම මන්ත්‍රී ධුරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.