“අපි ඩලස්ව ඉදිරිපත් කළා. ඩලස්ට අපි ඡන්දය දුන්නා.. ඒත් ඉතිං පැරදුනා..”

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂයා පරාජයට පත් වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීවේය. අපි ඉදිරිපත් කළා ඩලස්ව, අපි ඡන්දය දුන්නා. පැරදුණා ඉතින්, කවුරු හරි දිනන්න එපැයි යැයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.