රටම බලා සිටි ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සුබ ආරංචියක් මෙන්න

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ ඊට අදාල දිනය අනුව රටපුරා ඉන්ධන බෙදාහැරීම හෙට (21) ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.

එම ඉන්ධන බෙදාහැරීමට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අදාල නොවන බවත් වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4 සහ 5 වන වාහන පමණක් අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බවත් කුමාර රාජපක්ෂ මහතා කීය.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතාගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමේදී පැවසුවේ ඉන්ධන ප්‍රවාහන සඳහා වාර්තා කරන ලෙස ටැංකි රථවලට පස්වරුව දක්වා කැඳවීමක් කර නොමැති බවය.

ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 80,000 කට ආසන්න සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 කට ආසන්න තොගයක් ඇති බව ද බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?