25ට පසු පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

ඉන්ධන අර්බුදය දැඩිව බලපෑම නිසා ජූලි 21වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ජූලි  25වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා

ඒ අනුව පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා ,අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා

පාසල් නොපැවෙත්වෙන බදාදා සහ සිකුරාදා යන දිනවලදී මාර්ගගත ක්‍රමයට සියලුම විෂයන් ආවරණය වන පරිදි කාලසටහනක් සාදා ඉගැන්වීම් කළ යුතු වනවා