ඉන්ධන තොරතුරු දන්වන වෙබ් අඩවිය අක්‍රිය කල හේතුව හෙලි කරයි

රටපුරා ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් සම්බන්ධයෙන් වේලාසන දැනුම් දීම සදහා එලි දක්වන ලද වෙබ් අඩවිය තාවකාලිකව අක්රීය කර තිබේ.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ වඩාත් කාර්‍යක්ෂම ආකාරයෙන් හා මනා සැලසුමකින් යුතුව එය නැවත සක්‍රීය කරන බවයි.

අදාල වෙබ් අඩවිය හඳුන්වා දෙන ලද්දේ ජනතාවට ඉන්ධන පිළිබඳ තොරතුරු වඩා පහසුවෙන් දැන ගැනීම සදහාය.

නමුත් එහි සඳහන් ඇතැම් ඉන්ධන පිරවුම්හලට ඉන්ධන නොලැබෙන බවට ද චෝදනා එල්ල වී තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?