උතුරු ප්‍රදේශයේ පොළොව යටින් භූමි තෙල් ලීටර් 715 ක් මතු වුණ හැටි

යුද සමයේ දී කොටි සාමාජිකයන් විසින් මුල තිව් පුදුකුඩිඉරිප්පු උඩයාර් ප්‍රදේශයේ වළ දමා තිබු භූමි තෙල් ලීටර් 715 ක් මුලතිව් ආරක්ෂක අංශ විසින් පසුගිය 20 දා ගොඩ ගෙන තිබේ . එම ප්‍රදේශයේ වැසියෙකු නිවසක් ඉදිකිරීම සඳහා ගෙපැලක් කැපීමට ගිය අවස්ථාවේ දී පොළොව යටින් ප්ලාස්ටික් කෑන් එකක කොටසක් මතු වී ඇති අතර ඔහු ඒ පිළිබඳ පුදුකුඩිඉරිප්පු පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලීසිය එම ස්ථාන යට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කොට ඇත අනතුරුව සිද්ධිය පිළිබඳ මුලතිව අධිකරණයට ඉදි රිපත් කළ වාර්තාවකට අනුව මුලතිව විනිසුරු ආර් සරවනරාජා මහතා විසින් අදාළ ස්ථානය හාරා මේ භූමිතෙල් තොගය ගොඩ ගන්නා ලෙසට අධිකරණ නියෝගයක් ලබා දී තිබේ .

ප්ලාස්ටික් කෑන් හතක දමා අදාළ භූමි තෙල් තොගය වළ දමා තිබූ අතර එම භූමි තෙල් පරීක්ෂා කොට බැලීමේ දී ඒවා ඉතා හොඳ තත්ත්වයේ තිබී ඇත භූමිතෙල් තොගයට කළ යුතු දේ පිළිබඳ මුලතිව අධිකරණයෙන් තීන්දු ලැබුණු පසුව කටයුතු කරන බව පවසන පුදුකුඩි ඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40