ඩීසල් බෙදාහැරීම තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණයි

පවතින ඩීසල් තොග සීමා සහිත වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් මේ වන විට ඩීසල් බෙදාහැරීම සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව දෛනිකව බෙදාහරින ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,500ක් දක්වා අඩුකර ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් පෙට්‍රල් තොග සාමාන්‍ය පරිදි බෙදාහැරීම් සිදු කෙරෙන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේ.

මේ වන විට සංස්ථාව සතුව ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක පමණ සංචිතයක් බවයි වාර්තා වන්නේ.

එවැනි තත්ත්වයක් මත ඉන්දීය ණය පහසුකම යටතේ ලැබෙන මීළඟ ඩීසල් තොගය ලබන 16 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ඉදිරි දින එකොළහක කාලය තුළ සංස්ථාව සතුව ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් පමණයි.

මේ හේතුවෙන් ඩීසල් තොග සීමා සහිතව නිකුත් කිරීමට සංස්ථාවට සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10