spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩීසල් බෙදාහැරීම තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණයි

පවතින ඩීසල් තොග සීමා සහිත වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් මේ වන විට ඩීසල් බෙදාහැරීම සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව දෛනිකව බෙදාහරින ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,500ක් දක්වා අඩුකර ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් පෙට්‍රල් තොග සාමාන්‍ය පරිදි බෙදාහැරීම් සිදු කෙරෙන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේ.

මේ වන විට සංස්ථාව සතුව ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක පමණ සංචිතයක් බවයි වාර්තා වන්නේ.

එවැනි තත්ත්වයක් මත ඉන්දීය ණය පහසුකම යටතේ ලැබෙන මීළඟ ඩීසල් තොගය ලබන 16 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ඉදිරි දින එකොළහක කාලය තුළ සංස්ථාව සතුව ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් පමණයි.

මේ හේතුවෙන් ඩීසල් තොග සීමා සහිතව නිකුත් කිරීමට සංස්ථාවට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?