මාළු,මස්,බිත්තර මිල නැවතත් ඉහලට?

මාළු, මස්, බිත්තර මිල ගණන් තවදුරටත් ඉහළ යෑමේ තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වනවා ඒ නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්.

බිත්තරයක මිල රුපියල් 38 ක් හෝ 40 ක් දක්වාවත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පවසයි.

“අද වෙද්දී කුකුළු ආහාර මිල සේම ඉන්ධන මිලත් වැඩිවීම නිසා බිත්තරයක නිෂ්පාදන වියදම විතරක් රුපියල් 31 ක් දක්වා වැඩිවී තිබෙනවා. කුකුළු ආහාර මිල ගණන් වැඩිවීම නිසා කුඩා පරිමාණ කුකුළු ව්‍යාපාරිකයන් රැසක් කර්මාන්තයෙන් ඉවත් වෙලා ඉන්නේ. රුපියල් 65 කට 70 කට අලෙවි කෙරුණු කුකුළු කෑම කිලෝවක මිල රුපියල් 220 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඉන්ධන මිල වැඩිවීමත් සමග එය තවත් වැඩිවේවි. ගොවියාට මේ ව්‍යාපාරයේ රැඳී ඉන්න නම් අඩුම වශයෙන් බිත්තරයක් රුපියල් 38 කට හෝ 40 කට වත් අලෙවි කරන්න සිදුවෙනවා.“ යැයි සභාපතිවරයා පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00