ලංකාව සතු දෙවනි විශාලත දූපත ස්විස්ටර්ලන්තයට හොර රහසේම බදු දෙයි

රටේ හදිසි නීතිය ක්‍රියාත්මකව ඇදිරිනීතිය පනවා ඇති මොහොතක කල්පිටිය දූපත් සමූහයට අයත් දුපත් දාහතරෙන් එකක් වන දෙවන විශාලතම දූපත වන අක්කර 1500 කින් යුත් , ධීවර පවුල් 200ක් පමණ පදිංචි උච්චමුනි දූපත ඇමරිකානු ඩොලර් මිලියන 417කට ස්විට්සර්ලන්තයේ සමාගමකට වසර තිහක් සඳහා බදු දීමට ඊයේ (11) සංචාරක අමාත්‍යාංශයේ ගිව්සුම් අත්සන් කර ඇතැයි සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය චෝදනා එල්ල කරයි.

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයට අයත් මෙම දූපත 2000 වර්ෂයේ දී ඇස්තුමේන්තු කරන ලද මුදලකට 2022 වර්ෂයේ දී විකිණීම් සිදු කරනු ලබන්නේ කෙසේ දැයි සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය විමසයි. වර්ෂ 2000 දී පැවති මුදලේ අගය මේ වනවිට විශාල ලෙස වෙනස් වී ඇතැයි ඔවුන් පවසා සිටී.

මෙම දූපත බදු දෙනු ලැබවේ කුමන ඉදිකිරීමක් සිදු කිරීමට ද යන්න අපැහැදිලි අතර ජෛව විවිධත්වයකින් යුක්ත මෙම දූපතේ යම්කිසි ඉදි කිරීමක් සිදුකිරීමට පෙර ලබාගත යුතුව ඇති EIA ( Environmental Impact Assessment) සහතිකය මේ සඳහා ලබාගෙන නොමැති බවට ද සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ
කැබිනට් මණ්ඩලයක් නොමැතිව, අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය බල ශුන්‍යව ඇති අවස්ථාවක මෙවැනි ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ කාගේ උවමනාවටද යන්න සොයා බැලිය යුතු බවයි.

image 44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?