ලංකාව සතු දෙවනි විශාලත දූපත ස්විස්ටර්ලන්තයට හොර රහසේම බදු දෙයි

රටේ හදිසි නීතිය ක්‍රියාත්මකව ඇදිරිනීතිය පනවා ඇති මොහොතක කල්පිටිය දූපත් සමූහයට අයත් දුපත් දාහතරෙන් එකක් වන දෙවන විශාලතම දූපත වන අක්කර 1500 කින් යුත් , ධීවර පවුල් 200ක් පමණ පදිංචි උච්චමුනි දූපත ඇමරිකානු ඩොලර් මිලියන 417කට ස්විට්සර්ලන්තයේ සමාගමකට වසර තිහක් සඳහා බදු දීමට ඊයේ (11) සංචාරක අමාත්‍යාංශයේ ගිව්සුම් අත්සන් කර ඇතැයි සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය චෝදනා එල්ල කරයි.

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයට අයත් මෙම දූපත 2000 වර්ෂයේ දී ඇස්තුමේන්තු කරන ලද මුදලකට 2022 වර්ෂයේ දී විකිණීම් සිදු කරනු ලබන්නේ කෙසේ දැයි සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය විමසයි. වර්ෂ 2000 දී පැවති මුදලේ අගය මේ වනවිට විශාල ලෙස වෙනස් වී ඇතැයි ඔවුන් පවසා සිටී.

මෙම දූපත බදු දෙනු ලැබවේ කුමන ඉදිකිරීමක් සිදු කිරීමට ද යන්න අපැහැදිලි අතර ජෛව විවිධත්වයකින් යුක්ත මෙම දූපතේ යම්කිසි ඉදි කිරීමක් සිදුකිරීමට පෙර ලබාගත යුතුව ඇති EIA ( Environmental Impact Assessment) සහතිකය මේ සඳහා ලබාගෙන නොමැති බවට ද සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ
කැබිනට් මණ්ඩලයක් නොමැතිව, අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය බල ශුන්‍යව ඇති අවස්ථාවක මෙවැනි ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ කාගේ උවමනාවටද යන්න සොයා බැලිය යුතු බවයි.

image 44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !