ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා

ප්‍රදේශ ගණනාවක ප්‍රදේශ ගණනාවක නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු නියෝජිතයන් 28 දෙනකුට අයත් නිවාස සහ දේපළවලට කලහකාරී පිරිස් විසින් පහරදී හානිකරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.

බොහෝ නිවාසවලට පහරදීමෙන් පසු ගිනි තබා විනාශ කර ඇත.නිවාස හා දේපළ හානිවූ පිරිසට කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණි අමරවංශ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර, පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් බමුණුආරච්චි, කැස්බෑව නගර සභාපති ලක්ෂ්මන් පෙරේරා, බිංගිරිය ප්‍රාදේශීය සභාව සභාපති දිමුත් තුෂාර ඒකනායක ,බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි,දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ , ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මීගමුව නගරාධිපති දයාන් ලන්සා සහ බියගම ප්‍රාදේශීය ප්රාදේශීය සභාවේ උප සභාපති අජිත් කුමාර යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ ඇතුළත් වෙති.

මෙයින් ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ට කලහකාරීන් විසින් පහර දෙනු ලැබ ඇති අතර සමහරු රෝහල් ගත කරනු ලැබ සිටිති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10