රටම ගිනි තැබූ පුස් වීරයෝ අත්අඩංගුවට ගන්නේ කවදාද..?

ඊයේ මහින්ද රාජපක්ෂට ඇති ජන බලය පෙන්වන්න කොළඹට ආපු ජනතාව නිසා මේ වෙද්දි රටම යුද පිටියක් වී හමාරයි.
එම අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන් පැහැදිලිව හෙළිවෙනවා ඔහු මෙම ගැටුම සඳහා ජනතාව පොළඹවන බව.
තවද මේ අවස්ථාවේදී ගාලුමුවදොරට පහරදීම සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තද පැමිණෙන අයුරු ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව පෙනෙනවා.
අරලියගහ මන්දිරයෙන් පිටතට ජනතාව පැමිණෙන මොහොතේම ඔවුන් කළහකාරී ලෙස හැසිරෙද්දීත් ඔවුන්ව පාලනය කරන්න පොලිසිය කටයුතු කළේ නැහැ.
එම ස්ථානයේදීම ඔවුන්ව වලක්වාලීමට කටයුතු කළානම් අද මේ වනවිට රට පුරා ඇතිවී තිබෙන තත්ත්වය ඇති නොවන්නට ඉඩ තිබුණා.
අරලියගහ මන්දිරයේ සිට ගාලුමුවදොර පිටියට කිලෝ මීටර් එක හමාරක පමණක් දුරක් තිබෙනවා.
ඒ දුර ප්‍රමාණය මෙම මැරයන් පැමිණෙන තුරුම පොලිසියට එය නවතාලන්නට හැකිවුණේ නෑ.
අහිංසක මිනිසුන්ට රිසිසේ පීඩාදෙන ශ්‍රී ලංකා පොලිසිය චණ්ඩින් පොලු මුගුරු රැගෙන එද්දී ඔවුන්ව නොදැක්කා සේ කටයුතු කිරීම නින්දාසගත කරුණක්.
එය කෙසේ වෙතත් බස්නාහිර පළාත භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිද මෙම චණ්ඩින් සමග ගමන් කරන සනත් නිශාන්ත සුමග සුහද කතාබහක්ද දමාගෙන පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වනවිටත් සමාජගත වී තිබෙනවා.
දේශපාලනයට යටවී රටේ මිනිසුන්ගේ ජීවිත සහ ආරක්ෂාව තබ සතේකට ගණන් නොගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙලෙස හැසිරීම ලැජ්ජා සහගතය.
අද රටේ ඇති තත්ත්වයට මොවුන් වගකිව යුතු නොවන්නේද.?
එක රටක් එක නීතියක් ඇති බව පැවසුවද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේම නම කැත කරන මොවුන්ව අත්අඩංගුවට ගන්නේ කවදාද..?
රටක් ගිනි තැබීමට මග සාදා දුන් මොවුන්ට දැඩි දඩුවම් ලබාදී ඉදිරියේදී හෝ පිළිගැනීමක් ඇති මහජනතාවට ආරක්ෂාවක් සැපයිය යුතු පොලිසියක් නිර්මාණය කිරීම සියළු දෙනාගේම වගකීමකි.
බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඉන්දික අනුරුද්දගේ ගෝලයෙකුගේ වැලි ලොරියක් නිදහස් කර ගැනීමට පවා ඔහුගේ අණින් උපදෙස් ලබාදී තිබුණු බවද සඳහන් වනවා.
මාධ්‍ය ඉදිරියේ සුපිරිසිදු චරිත ලෙස පෙන්නුම් කළත් අහිංසක මිනිසුන් වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ හරි අපූරුවට මානුෂීය වුවත් දේශපාලකයන් ඉදිරියේ දෙකට නැවෙන නීතියක් රටකට අවශ්‍යද..?
මෙම ගැටුමෙන් ජීවිත අහිමිවූවන්ට වන්දි ගෙවන්නේ කවුරුන්ද..?
එවන් තත්ත්වයකට මග සාදා දුන්නේ ඔවුන් නිවැරදිව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා නොවේද..?
ඔවුන් සියලු දෙනාව නීතිය හමුවට ගෙන එන තුරු අපි ජනතාව සමග අවදියෙන්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46