කැබිනට් ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..

අන්තර්වාර හෝ පරිවාස ආණ්ඩු බිහි කිරිම සඳහා තමන් කැමැත්ත නොදෙන බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් මෙන්ම පොදු ජන පෙරමුණේ බහුතර පිරිස් පාර්ලිමේන්තු පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය පෙන්වමින් බවද හෙතෙම කියා සිටියේය.

එනිසා තමන් තවදුරටත් කැපවෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් සෑදීමට බවත් ඔහු පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී කැඳවා තිබූ සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණි ලෙසයි.

අන්තර්වාර පාලනයක් බිහි කරන බව ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?