ජනපති පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන එම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව ජනාධිපතිවරයා කැඳවා ඇති සාර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක්, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම හමුවේදී ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.