ගිනි පෙට්ටියේ ගාන වැඩිවෙලාද?

ගිනි පෙට්ටියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍යවල අදහස් පළවෙමින් පවතියි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අප මෙරට ප්‍රධාන පෙළේ ගිනි පෙට්ටි නිෂ්පාදන සමාගමකින් විමසීමක් කළේ ය.

එහිදී එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ප්‍රචාරය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ය.

එවැනි විශාල අගයකින් ගිනි පෙට්ටියක මිල ඉහළ දැමීමට තම සමාගම පියවර ගෙන නොමැති බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, පවතින අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මත සුළු අගයකින් ගිනි පෙට්ටියක මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව ත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

මේ වන විට ගිනි පෙට්ටියක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 9කට ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?