උද්ඝෝෂණය අතරතුර ආපු දුරකථන ඇමතුම් සැක සහිතයි

රඹුක්කන දී පසුගියදා ඇතිවූ සිද්ධිය අතරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව අද (27) අධිකරණයේදී අනාවරණය වී තිබේ.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කුළුණු වාර්තා ලබාගැනීමට මහෙස්ත්‍රාත්වරිය අද දිනයේ නියෝග කළ බවය.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

“මෙම සිද්ධියේදී සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා. ඒ නිසා වෙඩිතැබීමට නියෝග කළ පුද්ගලයා සහ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින්වත් අධිකරණයට ඉදිරිපත් කරන්න කිව්වා. ලබන සඳුදා වෙනකොට ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ.”

“මේ විමර්ශනය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් මහෙස්ත්‍රාත්තුමිය නිරීක්ෂණය කළා.”

“විශේෂයෙන් පොලීසිය කලින් අධිකරණයට දැන්වූයේ දුම්රිය මාර්ගය හරස් කර තිබුණා කියූ බවුසරය කෑගල්ල පොලීසිය භාරයේ තිබ්බා කියලා.” 

“මහෙස්ත්‍රාත්තුමිය කෑගල්ල පොලීසියට ගිය අවස්ථාවේ එහි තිබුණේ බවුසරයේ එංජින් කොටස විතරයි. තෙල් පිරවූ ටැංකිය අතුරුදන් වෙලා.” 

“අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ කියනවා එම කොටස එම ඉන්ධනහලේ අයිතිකරුගේ භාරයේ ඔහුගේ භූමියේ තිබෙනවා කියලා.”

“අධිකරණයට ඉදිරිපත් කළයුතු නඩු භාණ්ඩයක් කොහොමද අවසරයකින් තොරව පිටතට ගෙන ගියේ කියලා අධිකරණයට සැකයක් මතුවුණා.”

“ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නත් අධිකරණය දැන්වූවා.”

“මහෙස්ත්‍රාත්තුමිය කිව්වා අනර්ථය පමණක් නෙමෙයි වඩාත්ම වැදගත් වන්නේ වෙඩි තැබීම, තුවාල කිරීම සහ අනෙක් සිද්ධිවලට අදාළවත් වහාම පරීක්ෂණයක් කරන්න කියලා.”

“මේ සිද්ධිය වූ දවසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දුරකථනයෙන් යම් යම් පුද්ගලයින් සමග කතා කළ බවටත් අනාවරණය වුණා. දුරකථනය ඔහුගෙන් භාරයට ගෙන කුළුණු වාර්තාවක් කැඳවන්නත් මහෙස්ත්‍රාත්තුමිය නියෝග කළා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14