ජනාධිපති අමැති ප්‍රමුඛ ආණ්ඩුව පවුල් ගහක් වී තිබෙන අතර මෙම දෙදෙනා මහජන හඬට කන්දී ඉවත්විය යුතු බව හටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යූටියුබ් නාළිකාවක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
මෙහිදී, පවුල් පාලනය නතු වූ ආණ්ඩුව සම්බන්ධයෙන් තදබල විවේචනයක් එල්ල කර මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාට විධායක බලය සහ 20 වෙනි සංශෝධනයෙන් අත්පත් කර ගත් බලයත් 2/3ක් වූ ආණ්ඩු බලයත් තබා ගෙන අත්තනෝමතිකව ක්‍රියා කරන බවට චෝදනා කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇත්ත පැවසූ අමාත්‍යංශ ලේකම්වරු ගණනාවක්ම ඉවත් වී ගොස් අැති බවත් රට ප්‍රපාතයට වැටුණේ පවතින යථාර්ථය තේරුම් නොගත් නිසා බවත් ප්‍රකාශ කළාය.
විශේෂයෙන්ම කොවිඩ් වෛරසය දරුණු ලෙසින් පැතිර යමින් තිබූ අවස්ථාවේ එය මර්දනය කිරීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් දානපතීන්ගේ ආධාර ඉල්ලු තමාට තමාට ආතතිය ඇති බවට ප්‍රකාශ කර අදාළ ක්‍රියාමාර්ගය හෙළා දකින ලද ආකාරය ද සිහිපත් කර තිබේ.




