මේ වනවිට විශාල ආර්ථික අවපාතයකට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය පවසයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙරට උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එවන් පසුබිමක තම වෘත්තිය ද දැඩි වියවුල් තත්වයකට පත්ව ඇති බවයි.
එළඹෙන 28 වැනි දින ඇරඹෙන එක් දින රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෘත්තීය වැඩ වර්ජනයට තම සංගමය ද සියලු ජය්ෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් හා එක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි. ඉදිරියේ දී ද ක්‍රියාත්මක වන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරින්ගේ සහාය ලබාදෙන බවයි සංගමයේ ප්‍රධාන ලේකම් චම්පික පෙරේරා පැවසුවේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




