ලස්සනට අව­සන් ගමන් යන්නත් බැරිවෙන ලකුණු

අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම නිසා පෙට්ටි හිඟවීම හේතුවෙන් මිනී පෙට්ටි වල මිල 30%කින් පමණ ඉහළ දැමීමට සිදුව ඇති බව මල් ශාලා හිමියන් පවසයි.

මිනී පෙට්ටි නිෂ්පාදකයන් පවසන්නේ, ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් ගැලුම්වලට නිකුත් නොකිරීම හේතුවෙන් ගස් කපන යාන්ත්‍රික කියත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ත් ඒ හේතුවෙන් පෙට්ටි සෑදීම සඳහා ගන්නා ලෑලි අධික ලෙස මිල වැඩි වී ඇති බැවින් පෙට්ටි සෑදීම අසීරු වී ඇති බව ය.

තවද ලී මෝල්වලට අවශ්‍ය දැව කඳන් නොලැබීම හා ලැබෙන දැව කඳන් ලෑලි බවට පත් කිරීම සඳහා යොදා ගන්නා විදුලිය මෙන්ම ඩීසල් නොමැති වීම සහ ඩීසල් මිල වැඩි වීමත් සමග ම ලී මෝල්වලින් අධික මිල ගණන් යටතේ ලබා ගන්නා ලෑලිවලින් සකස් කරන පෙට්ටි මිල වැඩි වී ඇති බවත් මේ හේතුවෙන් මල් ශාලා හිමියන් ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?