පාසල්වල කටයුතු අඩාල වෙයි

පවතින අර්බුදයට විසඳුම් දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු අද (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමෙන් පාසල්වල කටයුතු අඩාල විය.

අර්බුදයට විසඳුම් දෙන්නට රජය තවදුරටත් අපොහොසත් වන්නේ නම් එළඹෙන 28 වැනිදා, සියලු වෘත්තීන් සමග ඒකාබද්ධ වැඩ වර්ජනයකට යොමුවන බව ලංකා ගුරු සංගමය පැවසීය.

අද පැවති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් රැසක කටයුතු අඩාල වූ අතර උදෑසන පාසැල් වෙත පැමිණි ඇතැම් සිසුන් යළි නිවෙස් කරා රැගෙන යාමට දෙමව්පියන් කටයුතු කළේය.

ඇතැම් ප්‍රදේශවල ගුරුවරු අද උදෑසන තැපැල් කාර්යාල වෙත පැමිණ විදුලි පණිවුඩ මගින් අසනීප නිවාඩු වාර්තා කරන අයුරු ද දක්නට ලැබුණි.

මේ අතර, වර්ජනයේ නිරත කළුතර දිස්ත්‍රික්කයේ ගුරුවරු අද කටුකුරුන්ද නගරයේ සිට නාගස්හන්දිය දක්වා පාගමනින් පැමිණ සිය විරෝධය පළකළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?