අද විදුළි කප්පාදුව පැය 03 යි විනාඩි 20 ක්

අද සිට අනිද්දා දක්වා දින 03 සඳහා දිනකට පැය 03 යි විනාඩි 20 බැගින් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබෙනවා.

ඒ දිවා කාලයේ පැය 02 ක් සහ පස්වරුවේ පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.

මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද වන ලෙස කලාප වශයෙන් විදුලිය කපා හැරෙනු ඇති.