හෙට දිනයේදී දහසක පමණ පිරිසකගෙන් යුත් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හෝ වෙනත් ස්ථානයක සිට පාගමනින් ගාලුමුවදොර උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට නියමිත බව දක්වමින් පාර්ශව 16කට එරෙහිව තහනම් නියෝගයක් පනවන මෙන් ඉල්ලා කොටුව පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.
මෙම පිරිස උද්ඝෝෂණ භූමියට පැමිණ රැය පහන් කිරිමට නියමිත බැවින් ප්‍රදේශයේ පිහිට තිබෙන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සහ නිල නිවාස වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවදානම පවතින බවයි පොලිසිය සිය වාර්තාවෙන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටින්නේ.
මෙම සිදුවීම වළක්වන පිණිස වගඋත්තරකාර පාර්ශවයන්ට නම් කර ඇති ප්‍රදේශයන් සහ රාජ්‍ය ආයතනයකට, නිල නිවාසයකට, දේපළකට ඇතුළුවීම හානි කිරිම, එකී ප්‍රදේශයේ රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරිම සහ කිසිදු ප්‍රචණ්ඩකාරි සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලින් තොරව හෙට සහ අනිද්දා යන දිනයන් කටයුතු කරන ලෙස නියෝගයක් නිකුත් කරන කොටුව පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
මෙම තහනම් නියෝගය සඳහා නම් කර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පාර්ශව 16 කට එරෙහිවයි.














