බෙහෙත් හිඟවූ ශ්‍රී ලංකාවට සහය දෙන්න රටවල් දෙකක් ඉදිරිපත් වෙයි

මෙරට උද්ගතවී ඇති ඖෂධ හිඟය මගහරවා ගැනීමට විදෙස් රටවල් කිහිපයක් උදව්කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස වර්ග 101කට අයත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබන බදාදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටින්නේ.

ඉන්දුනීසියාව ද පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ ලබාදීමට එකඟ වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්