විශ්වාස භංගයට ආණ්ඩුවේ පිරිසකගේත් සහාය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් විපක්ෂයෙන් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.

ඔවුන්ගේ ඉඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබේ.

විශ්වාසභංගය යෝජනාවට ග්‍රහණය කළහොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම පිළිබඳව මේ වනවිට දෙපාර්ශවය අතර සාකච්ඡා වෙමින් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?