“රඹුක්කන විරෝධතාවට වෙඩි තබන්න අණ දුන් නිලධාරියාගේ නම මැකුවේ ඇයි?”: රනිල් ප්‍රශ්න කරයි

රඹුක්කන විරෝධතාව අතරතුර දී වෙඩි තැබීම සඳහා අණ දුන්නේ කවුරුන් ද යන්න හෙළි කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් වන B වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එහි සඳහන් කර තිබුණු නම මකා දමා වාර්තාව ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඔහු ප්‍රකාශ කර සිටියේ, අදාළ සිදුවීමේදී වෙඩි තැබීමට අණ ලබා දුන් නිලධාරියා කවුරුන් ද යන්න හෙළි කරන ලෙස ය.

“තාම කවුද වෙඩි තියන්න කිව්වේ කියලා කිව්වේ නෑනේ. B රිපෝට් එක A රිපෝට් එක කළා. ඊට පස්සේ B රිපෝට් එක දාලා නම මකලා දැම්මා. සාමාන්‍ය සම්ප්‍රදාය වෙඩි තියන්න කියන්නේ, ජ්‍යෙෂ්ඨ ම පොලිස් නිලධාරියා. එතකොට B රිපෝට් එකේ එතුමාගේ නම දානවා. එතුමා හේතු කියන්න ඕනේ. කණිෂ්ඨ නිලධාරියෙක් කළා ද? නැත්නම් පිටින් අවා ද? ඉතින් ඇමතිතුමා කවුද දුන්නේ කියලා ඉවර කරන්නකෝ…”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40