ගෝඨාභය හොරෙක් යයි ඔප්පු කරන්න මහින්දානන්දගෙන් අභියෝගයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂ අධිකරණයක් පිහිටුවා දවසින් දවස නඩු අසමින් රාජපක්ෂ මහතා හිරේ දමන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ බව පැවැසූ මන්ත්‍රීවරයා එහෙත් ඔවුන්ට පසුගිය අවුරුදු පහටම හොරෙක් හොයා ගන්න බැරි වුණ බව මන්ත්‍රීවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆයිල් වසා දමා ඇති බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා එසේ කියා සිටියේය.

රාජපක්ෂ මහතා හොරකම් කළ වැලි ඇටයක හෝ අබ ඇටයක දෙයක් සොයා ගැනීමට හැකි වූයේ නම් එතුමා අද ජනාධිපති මැඳුරේ වෙනුවට සිපිරි ගෙයක සිටිනු ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිරේ දාන්න විශේෂ අධිකරණයක් හදලා දවසින් දවස නඩු ඇහුවා. එහි මිග් යානා ඇතුළු හැමදේම හෙව්වා. හොයලා තිබෙන හැමදේටම නඩු දැම්මා. ඒත් ඒ අවුරුදු පහේම ගෝඨාභය හොරෙක් කියලා හොයා ගන්න බැරි වුණා යැයි ද හෙතෙම කීවේය.

  1. ලසන්ත හිටියානම් හරියටම කියනවා. . ඇයි අම්මගෙ සොහොන හදන්න සල්ලි ගත්ත එක තව මිග් යානා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40