දකුණු ආසියාවේ වැඩිම තෙල් මිල ලංකාවේ..

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීමත් සමඟ ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් වැඩිම ඉන්ධන මිලක් ඇති රට ලෙස අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

ඉන්දියාව තුළ පෙට්රල් ලීටරයක මිල ඉන්දියානු රුපියල් 113.19ක් වන බව සඳහන් වන අතර නේපාලය තුළ නේපාල රුපියල් 158.76ක්ද, පාකිස්තානය තුළ පාකිස්තානු රුපියල් 152.06ක්ද, බංග්ලාදේශය තුළ බංග්ලාදේශ මුදල් ඒකකය වන බංග්ලාදේශ ටාකා 87.49ක් වන බව සඳහන් වේ.

මේ වන විට මෙරට තුළ පෙට්රල් ලීටරයක මිල රුපියල් 338ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් වේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට රුපියල් 339.99ක් වේ. ලෝකයේ රටවල් අතර ඩොලරයට සාපේක්ෂව වැඩියෙන්ම අවප්‍රමාණයක් වී ඇති මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වන බවද අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

මුදල් අවප්‍රමාණය වීම අතින් සුඩානයට පමණක් පහළින් ශ්‍රී ලංකාව සිටින අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සුඩාන මුදල් ඒකකය වන සුඩාන පවුමක (Sudanese pound) මිල 447.50ක් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48