චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිඥාවක්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් හමුවුණා.

එහිදී දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළ බවයි එම අමාත්‍යාංශය කියාසිටියේ.

චීන රජයේ අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද චීන ස්මාරක පිළිබඳව ද ඔහු සිහිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපතිවරයා දැනුම්වත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා  ඇතුළුව, වත්මන් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා  ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ද ඔහු විසින් තානාපතිවරයා දැනුම්වත් කළ බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ පැන නැගී ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිං හි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

චීන රජයේ සෘජු සහයෝගය, කලාපීය රජයේ සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපතිවරයා සහතික වී තිබෙනවා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000ක්, ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

තවද, යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව ද නිවේදනය කර තිබෙනවා.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොසැලෙන සහ ස්ථිර සහයෝගය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා චීනය වෙත ශ්‍රී ලංකාවේ ගැඹුරු කෘතඥතාව පළ කළා.

පුද්ගල හුවමාරු, බහුපාර්ශ්වික සංසද හමුවේ සහයෝගය ලබා දීම, දරිද්‍රතාවය තුරන් කිරීම වැනි කරුණු කෙරෙහි ද මෙම හමුවේ දී අවධානය යොමු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48