AFC Banner
Empty Ad
Empty Ad

චෙන්නයි සුපර් කිංග්ස් පිලට එක්වූ නවක ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සමග පැවති තරගයකදී ආබාධයකට ලක්වූ චෙන්නායි සුපර් කිංග්ස් (chennai super kings) කණ්ඩායමේ නවසීලන්ත ජාතික වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේගේ පුරප්පාඩුව පිරවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සමග ගිවිසුම්ගත වීමටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මතීෂ පතිරන ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති අතර ඔහු දින කිහිපයක නිරෝධායන කාලය නිමාවීමෙන් අන්තුරුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගෙ පන්දු යැවීමේ ඉරියව්වට බෙහෙවින්ම සමාන ඉරියව්වකින් වේග පන්දු යවන මතීෂ නිමා වූ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළා.

මතීෂ පතිරණ ශ්‍රී ලංකා List A තරගයකට සහ විස්සයි විස්ස තරග 2කට ක්‍රීඩා කර ඇති අතර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියකටද සහභාගී වී අත්දැකීම් ලබාගෙන ඇති යොවුන් ක්‍රීඩකයෙක්.

කොල්කටා නයිට් රයිඩර්ස් (Kolkata Knight Riders) කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ ගේ පාදයේ මස්පිඩු ඇදීමක් සිදුවුනා.

ඉන්දීය රුපියල් කොටි 1.9ක දැවැන්ත මුදලකට මිලදීගත් මෙම වේගපන්දු යවන්නා මෙලෙස හදිසි ආබාධයකට ලක්වීම නිසා ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග තරගාවලියේ ඉදිරි තරග සියල්ල අහිමිව යන බවයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කණ්ඩායම මෙවර IPL ප්‍රසාද ලකුණු සටහනේ තවමත් රැඳී සිටින්නේ 9 වන ස්ථානයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?