චෙන්නයි සුපර් කිංග්ස් පිලට එක්වූ නවක ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සමග පැවති තරගයකදී ආබාධයකට ලක්වූ චෙන්නායි සුපර් කිංග්ස් (chennai super kings) කණ්ඩායමේ නවසීලන්ත ජාතික වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේගේ පුරප්පාඩුව පිරවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සමග ගිවිසුම්ගත වීමටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මතීෂ පතිරන ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති අතර ඔහු දින කිහිපයක නිරෝධායන කාලය නිමාවීමෙන් අන්තුරුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගෙ පන්දු යැවීමේ ඉරියව්වට බෙහෙවින්ම සමාන ඉරියව්වකින් වේග පන්දු යවන මතීෂ නිමා වූ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළා.

මතීෂ පතිරණ ශ්‍රී ලංකා List A තරගයකට සහ විස්සයි විස්ස තරග 2කට ක්‍රීඩා කර ඇති අතර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියකටද සහභාගී වී අත්දැකීම් ලබාගෙන ඇති යොවුන් ක්‍රීඩකයෙක්.

කොල්කටා නයිට් රයිඩර්ස් (Kolkata Knight Riders) කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ ගේ පාදයේ මස්පිඩු ඇදීමක් සිදුවුනා.

ඉන්දීය රුපියල් කොටි 1.9ක දැවැන්ත මුදලකට මිලදීගත් මෙම වේගපන්දු යවන්නා මෙලෙස හදිසි ආබාධයකට ලක්වීම නිසා ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග තරගාවලියේ ඉදිරි තරග සියල්ල අහිමිව යන බවයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කණ්ඩායම මෙවර IPL ප්‍රසාද ලකුණු සටහනේ තවමත් රැඳී සිටින්නේ 9 වන ස්ථානයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08