රඹුක්කන සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ හෙලිකල දුක්බර කතාව

පියා පොලිස් වෙඩි පහරින් මියයෑමේ සිද්ධියෙන් පසු සිය බාල දරුවා පාසල් යෑම ප්‍රතික්ෂේප කරන බව රඹුක්කන සිද්ධියෙන් මිය ගිය ලක්ෂාන්ගේ බිරිඳ පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ තම සැමියා මත විවිධ වැරදි පැටවීමට පොලීසිය උත්සාහ ගනිමින් සිටින බවය. 

මියගිය පුද්ගලයාගේ බිරිඳ,

“ඒ වෙඩි තියපු අයට දඬුවම් දෙන්න ඕනේ. මං එතකං සටන් කරනවා. මම මේක අතහරින්නේ නෑ. මගේ මහත්තයාටත් චෝදනා කරලා තියෙනවා.. නඩු දෙකක් තියෙනවා කියලා. එකක් එයා ගුටිකාපු එකක්. අනෙක් එක එයා නිකං සැකකරුවෙක් වෙච්ච එකක්. ඒක මෙතනට අදාළ කරගන්න ඕනේ නෑ නේ.” 

“මගේ පොඩි පුතා කියනවා.. ඉස්කෝලේ යන්න බෑ කියලා දැන්. දරු දෙන්නා තනිවෙලා..තාත්තෙක් නෑ.  මට නැති වුණේ මගේ මහත්තයා. ඒකේ වේදනාව තියෙන්නේ මට. මට ඕනේ මේකට වගකිවයුතු අයව කොහොම හරි එල්ලුම්ගස් යවන්න.”

මේ අතර එම රඹුක්කන විරෝධතාවයේ මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයෙක් ද අද සාක්ෂි ලබාදී තිබුණි.

ඔහු සඳහන් කළේ, “ඒ පැවැති උද්ඝෝෂණයේ මූලිකත්වය අරන් තිබුණේ මමයි තවත් 12ක් 13ක් වගේ පිරිසක්. ඔවුන් රඹුක්කන නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්. අපි තමයි මේක ආරම්භ කළේ.”

“රඹුක්කන ජනතාව වෙනුවෙන් මේක කළේ. ඉල්ලීම වුණේ තෙල් ලබා ගන්න.”

“බවුසරයේ ගෝලයින්ගෙන් ඇහුවා ඉන්වොයිස් එකේ පෙට්‍රල් ඩීසල් කොච්චරක් තියෙනවා ද කියලා. එයා කිව්වා පෙට්‍රල් ලීටර් 6,600යි ඩීසල් ලීටර් 13,000ක ගාණක් තියෙනවා කියලා.” 

“බවුසරයත් අපි නැවැත්තුවේ රේල් පාර හරස් කරලා. ඊට පස්සේ අපි පොලීසියේ OIC මහත්තයාට කිව්වා පෙට්‍රල් ඇවිත් තියෙන්නේ 6,600යි. ඉන්න පිරිසට තෙල් මදි. ඔයා දැන් කරන්න හදන්නේ අපේ වැඩේ නවත්වන්නද? වැඩි මිලට තෙල් බාන්න ද? කියලා. ලීටර් 6,600 වුණත් පරණ මිලට අපිට ඕනේ කිව්වා.” 

“OIC මහත්තයා කිව්වා ඊට පස්සේ  උඹලා දෙන්නට ඕන විදිහට මට මිල පාලනය කරන්න බෑ. මිනිස්ටර් ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. සාකච්ඡා කරලා කියන්නම් කියලා.”

“සහයෝගය දුන්න දෙන්නට කිව්වා පරිස්සමින් ඉඳපල්ලා. දෙන්නවම උස්සනවා කියලා. රඹුක්කන පොලීසියේ OIC මහත්තයා.” 

“ඊට පස්සේ මරපු යාළුවයි මමයි ත්‍රීවිල් එකේ නිදා ගත්තා. කලබලය ඇහෙනකොට සම්පත් අයියා මට කිව්වා.. මල්ලි කට්ටිය ගහගන්නවා..මොකද කරන්නේ කියලා. මං කිව්වා එනපොට හරියන්නේ නෑ. දුවමු කියලා. ත්‍රීවිල් එකේ යතුර අරන් දිව්වා.”

“අයේ එක පැත්තකින් කළු හෙල්මට් දාපු පොලිස් නිලධාරීන් 3 දෙනෙක් ආවා. දිග තුවක්කු අරන් ආවේ. කළු උස කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ත්‍රීවිල් එකේ ටෙන්ට් එකට තෙල් ගහන තැන කොලර් එක වගේ තිබ්බ තැනට ගිනි තිබ්බා ලයිටරයෙන්.” 

“බලාගන්න බෑ. ෆේස් මාස්ක් දාලා හෙල්මට් දාලා හිටියේ. 3 දෙනාම යුනිෆෝම්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48