ගෑස් ලැබෙන දිනය මෙන්න

අප්‍රේල් 25 වන දා දක්වා ගෘහස්ත ගෑස් ස්ලින්ඩර් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඊයේ (20) දිනයේදී ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණ තිබුණ ද එය ගෘහස්ත භාවිතය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් නොවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ ගෑස් තොගය රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත ඇතුළු කටයුතු සඳහා බෙදා හැරෙන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අප්‍රේල් 24 වන දා ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ අනුව 25 වන දා ගෘහස්ත ගෑස් නිකුත් කිරීමට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?