ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් තවත් දැවැන්ත මුදලක්

ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක මුල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකග වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පැවසීය.

ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450ක ගෙවීම කල්දැමීමට එරට රජය කැමැත්ත පල කර ඇති බව ද විදේශ අමාත්‍යවරයා පවසා සිටී.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේ දී විදේශ අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා අදාළ ප්‍රකාශය සිදුකළ බවය. 

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය විසින් ලබාදෙන ආධාර ලැබීමට මාස 6ක පමණ කාලයක් ගත වනු ඇති බව ද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අදාළ ආධාර කොටස් වශයෙන් ලැබෙනු ඇති අතර එම ආධාර ලැබෙන තෙක් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනිම සදහා ආධාර සොයාගත යුතු බව ද ජි.එල්.පීරිස් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව වෙත හදිසි මානූෂීය ආධාර තොගයක් ලබාදීමට තීරණය කර ඇති බව චීනය පැවසීය.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිත ආයතනය එක්ව අදාළ ආධාර ලබාදීමට තීරණය කර ඇති බවය.

වත්මන් දුෂ්කරතා මගහරවා ගැනීම සදහා  ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම අධාර ලබාදෙන අතර ලබාදෙන ආධාර පිළිබද තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08