පැහැරගත් වෑන්රිය වාහන රැසක් හප්පා පිම්මේ පලා යයි

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයෙන් 17 සවස පැහැරගත් වෑන් රථයක් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ස්ථාන කිහිපයක අනතුරු සිදුවී සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර වෑන් රථය පැහැරත් පුද්ගලයාද අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

කනගරායන්කුලම් ප්‍රදේශයෙන් පැහැරගත් අදාල වෑන් රථය සැකකරු විසින් අධික වේගයකින් ධාවනය කිරීමෙන් පළමුව යාපනය මහනුවර මාර්ගයේ වවුනියාව නගරයේදී වෑන් රථයක ගැටී ඇති අතර එහිදී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් වව්නියාව පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇත.

අනතුරුව අදාල වෑන් රථය වව්නියාව නගරයේ යාපනය හොරොව්පතාන මාර්ගයේදී තවත් ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් අනතුරට ලක් කොටද නොනවත්වා ධාවනය කොට ඇති අතර අදාල අනතුරු වලින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කරනු ලැබීය.

පසුව අදාල වෑන් රථය හා අනතුරු පිළිබඳව ක්‍රියාත්මක වූ වව්නියව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද එක්ව වෑන්රථය ලුහු බැඳ ඇති අතර වෑන් රථය අධික වේගයකින් හොරොව්පතාන දෙසට ධාවනය කර ඇත.

අනතුරුව ඒ පිළිබඳව හොරොව්පතාන පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව හොරොව්පතාන පොලීසිය විසින් මාර්ගයේ රැකවල් යොදා අදාල වෑන් රථය සමග රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලදි.

අදාල වෑන් රථය පැහැරගෙන අධික වේගයකින් ගමන් කිරීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයක් හෝ රියදුරු බීමතින් සිටියේද යන්න පිළිබඳව සෙවීමට හොරොව්පතාන පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

වෑන් රථයෙන් සිදුකල අනතුරුවලින් තුවාල ලබා ඇත්තේ වව්නියාව ආසිකුලම, මඩුකන්ද, උක්කුලාන්කුලම සහ තිරුනාවක්කුලම් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 29, 40 සහ 46 යන වයස්හි පසුවන අය වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?