පැහැරගත් වෑන්රිය වාහන රැසක් හප්පා පිම්මේ පලා යයි

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයෙන් 17 සවස පැහැරගත් වෑන් රථයක් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ස්ථාන කිහිපයක අනතුරු සිදුවී සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර වෑන් රථය පැහැරත් පුද්ගලයාද අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

කනගරායන්කුලම් ප්‍රදේශයෙන් පැහැරගත් අදාල වෑන් රථය සැකකරු විසින් අධික වේගයකින් ධාවනය කිරීමෙන් පළමුව යාපනය මහනුවර මාර්ගයේ වවුනියාව නගරයේදී වෑන් රථයක ගැටී ඇති අතර එහිදී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් වව්නියාව පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇත.

අනතුරුව අදාල වෑන් රථය වව්නියාව නගරයේ යාපනය හොරොව්පතාන මාර්ගයේදී තවත් ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් අනතුරට ලක් කොටද නොනවත්වා ධාවනය කොට ඇති අතර අදාල අනතුරු වලින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කරනු ලැබීය.

පසුව අදාල වෑන් රථය හා අනතුරු පිළිබඳව ක්‍රියාත්මක වූ වව්නියව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද එක්ව වෑන්රථය ලුහු බැඳ ඇති අතර වෑන් රථය අධික වේගයකින් හොරොව්පතාන දෙසට ධාවනය කර ඇත.

අනතුරුව ඒ පිළිබඳව හොරොව්පතාන පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව හොරොව්පතාන පොලීසිය විසින් මාර්ගයේ රැකවල් යොදා අදාල වෑන් රථය සමග රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලදි.

අදාල වෑන් රථය පැහැරගෙන අධික වේගයකින් ගමන් කිරීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයක් හෝ රියදුරු බීමතින් සිටියේද යන්න පිළිබඳව සෙවීමට හොරොව්පතාන පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

වෑන් රථයෙන් සිදුකල අනතුරුවලින් තුවාල ලබා ඇත්තේ වව්නියාව ආසිකුලම, මඩුකන්ද, උක්කුලාන්කුලම සහ තිරුනාවක්කුලම් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 29, 40 සහ 46 යන වයස්හි පසුවන අය වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56