ජෝන් හොප්කින්ස් දර්ශකයට අනුව ශ‍්‍රී ලංකාවේ උද්ධමනය 74%යි

රුපියල දිගින් දිගටම පහළ බැසීම සහ බලශක්ති අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල යාම මත ශ්‍රී ලංකාවේ අප්‍රේල් 15 වනදා දක්වා මූලික උද්ධමනය 74% ක ඉහළ අගයක් වාර්තා කර ඇතැයි හැන්කේන් වාර්ෂික උද්ධමන දර්ශකය සඳහන් කරයි.

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් මූල්‍ය අර්බුදයන්ට ලක් වූ රටවල් සැබෑ සාධක සලකා බලමින් මෙම වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කරයි.

පසුගිය මාර්තු මාසය සඳහා එම දර්ශකයේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලැබූ උද්දමය මෙන් තුන් ගුණයකට වඩා වැඩි විය.

ඉදිරි ඉදිරි මාස තුනක කාලය තුළ මෙරට නිල උද්ධමනය 28% ක් වනු ඇතැයි මහ බැංකුව විසින් පසුගිය අප්‍රේල් 8 වැනිදා පුරෝකතනය කරන ලදී.

මාසයක් තුල ශ්‍රී ලංකා මුදල ඒකකය 60% කට වඩා පහළ බැසීම ඊට හේතුව ලෙස දක්වා තිබින.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?