විරෝධතා මඩින්න පොලිස් බල ඇණි කැදවයි..

පවතින කලහකාරී තත්වය හේතුවෙන් නගර ගණනාවකටම පොලිස් බලඇණි සීරුවෙන් තබා තිබේ.

එමෙන්ම මරමස්ථාන අසල ආරක්ෂාව දැඩි කිරීමටද කටයුතු කර තිබේ.

මේ වන විට පිට කොටුව පිටකොටුව ආසන්නයේ මෙන්ම ජනාධිපති කාර්යාලය අසලටද පොලිස් බලඇණි කැඳවා තිබේ.

මේ අතර ජනාධිපති කාර්යාලය ආසන්නයට පොලිස් මාර්ග බාධක රැසක් ගෙන විත් සූදානම් කර තිබේ.

එම ස්ථානයේ මේ වන විට දින 10ක පමණ කාලයක් තිස්සේ විරෝධතාවක් පැවැත්වෙමින් ඇත.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

මෙම විරෝධතාවය මහජන සාමයට බාධාවක් යයි පවසමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?