ගුජරාට් ටයිටන්ස් හට තියුණු ජයක්

15 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (17) දින පැවැත්වුණා.ඒ ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. එම තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට ටයිටන්ස් පිල සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 05ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 169ක්. ජයග්‍රාහී ලකුණු 170ක ඉලක්කයක් හඹාගිය ටයිටන්ස් කණ්ඩායම සිය ජයග්‍රහණයේ සීමාව පසුකර යෑමට සමත් වූයේ කඩුලු 07ක් දැවී තිබියදී සහ එක් පන්දුවක් තව ඉතිරිව තිබියදියි. එහිදී ගුජරාට් පිල සිය ජය තහවුරු කරගන්නා විට දී කඩුලු 07 අවසානයේ පන්දුවාර 19යි පන්දු 05ක් ගෙවී ගොස් තිබුණේ, ඔවුන්ගේ ජය තියුණු ජයක් බවට පත් කරමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයිකාඩ් පන්දු 48කදී ලකුණු 73ක් ලබාගත් අතර, අම්බටි රායුදු ලබාගත් ලකුණු සංඛ්‍යාව පන්දු 31ක දී ලකුණු 46ක්.
රවීන්ද්‍ර ජඩේජා පන්දු 12කදී නොදැවී ලකුණු 22යි. එහිදී ටයිටන්ස් කණ්ඩායමේ පන්දු බලඇණිය වෙනුවෙන් අල්සර්රී ජෝසප් කඩුලු 02ක් ලබාගත් අතර, මොහොමඩ් ශම්මි සහ යාෂ් දයාල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා පිටියට ආ ගුජරාට් කණ්ඩායම ඒ සඳහා රැගෙන යාමට සුපිරි පිතිකරණයක නියැලුණු ඩේවිඩ් මිලර් නොදැවී පන්දු 51කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 94ක්. ඒ සඳහා අනගි සහායක් එක් කළ රෂීඩ් ඛාන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 40ක් වන අතර, අබිනව් මනෝහාර් ලකුණු 12ක් සිය පිල වෙනුවෙන් එක් කළා. ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 03ක් බිඳ දැමූ අතර, මහේෂ් තීක්ෂණ කඩුලු 02ක් බිඳ දැමුවා.

මුකේෂ් චෞද්‍රි එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඊයේ පැවතියේ මෙම තරගාවලියේ 29 වැනි තරගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?