ගුජරාට් ටයිටන්ස් හට තියුණු ජයක්

15 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (17) දින පැවැත්වුණා.ඒ ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. එම තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට ටයිටන්ස් පිල සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 05ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 169ක්. ජයග්‍රාහී ලකුණු 170ක ඉලක්කයක් හඹාගිය ටයිටන්ස් කණ්ඩායම සිය ජයග්‍රහණයේ සීමාව පසුකර යෑමට සමත් වූයේ කඩුලු 07ක් දැවී තිබියදී සහ එක් පන්දුවක් තව ඉතිරිව තිබියදියි. එහිදී ගුජරාට් පිල සිය ජය තහවුරු කරගන්නා විට දී කඩුලු 07 අවසානයේ පන්දුවාර 19යි පන්දු 05ක් ගෙවී ගොස් තිබුණේ, ඔවුන්ගේ ජය තියුණු ජයක් බවට පත් කරමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයිකාඩ් පන්දු 48කදී ලකුණු 73ක් ලබාගත් අතර, අම්බටි රායුදු ලබාගත් ලකුණු සංඛ්‍යාව පන්දු 31ක දී ලකුණු 46ක්.
රවීන්ද්‍ර ජඩේජා පන්දු 12කදී නොදැවී ලකුණු 22යි. එහිදී ටයිටන්ස් කණ්ඩායමේ පන්දු බලඇණිය වෙනුවෙන් අල්සර්රී ජෝසප් කඩුලු 02ක් ලබාගත් අතර, මොහොමඩ් ශම්මි සහ යාෂ් දයාල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා පිටියට ආ ගුජරාට් කණ්ඩායම ඒ සඳහා රැගෙන යාමට සුපිරි පිතිකරණයක නියැලුණු ඩේවිඩ් මිලර් නොදැවී පන්දු 51කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 94ක්. ඒ සඳහා අනගි සහායක් එක් කළ රෂීඩ් ඛාන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 40ක් වන අතර, අබිනව් මනෝහාර් ලකුණු 12ක් සිය පිල වෙනුවෙන් එක් කළා. ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 03ක් බිඳ දැමූ අතර, මහේෂ් තීක්ෂණ කඩුලු 02ක් බිඳ දැමුවා.

මුකේෂ් චෞද්‍රි එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඊයේ පැවතියේ මෙම තරගාවලියේ 29 වැනි තරගයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08