ඉන්දීය පිලෙන් ශ්‍රී ලංකාවට ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අද (13) පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 303ක් ලබා සිටිය දී සිය ඉනිම අත් හිටවනු ලැබුවා.

ඒ කඩුලු 09ක් බිඳවැටී තිබියදීයි.

දෙවැනි ඉනිම වෙනුවෙන් ප්‍රතිවාදී ඉන්දීය පිල ලබාගත් ලකුණු සංඛ්‍යාව මත ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක් ලබා දී තිබෙනවා.

සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රියාර්ස් අයියර් ලකුණු 67ක් ද, රිෂාබ් පාන්ට් ලකුණු 50ක් ද ලබා ගත්තා.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 78කට කඩුලු 04ක් බිඳ දැමූ අතර, ලසිත් ඇඹුල්දෙණිය බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 3ක්.

ඒ ලකුණු 87ක් ඉන්දීය කණ්ඩායමට ලබාදෙමින්.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 252ක් රැස්කර අතර, ශ්‍රී ලංකා පිළට රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 109ක් පමණයි.

ඒ අනුව දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22