ඉන්දීය පිලෙන් ශ්‍රී ලංකාවට ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අද (13) පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 303ක් ලබා සිටිය දී සිය ඉනිම අත් හිටවනු ලැබුවා.

ඒ කඩුලු 09ක් බිඳවැටී තිබියදීයි.

දෙවැනි ඉනිම වෙනුවෙන් ප්‍රතිවාදී ඉන්දීය පිල ලබාගත් ලකුණු සංඛ්‍යාව මත ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක් ලබා දී තිබෙනවා.

සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රියාර්ස් අයියර් ලකුණු 67ක් ද, රිෂාබ් පාන්ට් ලකුණු 50ක් ද ලබා ගත්තා.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 78කට කඩුලු 04ක් බිඳ දැමූ අතර, ලසිත් ඇඹුල්දෙණිය බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 3ක්.

ඒ ලකුණු 87ක් ඉන්දීය කණ්ඩායමට ලබාදෙමින්.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 252ක් රැස්කර අතර, ශ්‍රී ලංකා පිළට රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 109ක් පමණයි.

ඒ අනුව දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.