ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි විශිෂ්ට දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයන් වර්ගීකරණයේ තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ මුල් ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයයේ නවතම ලැයිස්තුවට අදාලවයි.
තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ කොදෙව් ක්‍රීඩක සන් හෝල්ඩර්.
තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් හටයි. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම් හි පළමු ස්ථානයඔස්ටේ්‍රලියාවේ පැට් කමින්ස් හට හිමිව ඇති අතර එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ රවිචන්ද්‍රන් අශ්වින්.
ජස්ප්‍රිට් බුම්රා එහි දසවන ස්ථානයේයි පසුවන්නේ.
ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානය මාර්නස් ලැබුෂෙයින් හට හිමිව තිබෙනවා.
ඉන්දීය ක්‍රීඩකයන් වන විරාට් කෝලි හා රෝහිත් ෂර්මා පිළිවෙලින් 5 සහ 6 වැනි ස්ථානවලයි පසුවන්නේ.
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා