රුසියානු ගුවන් යානා සඳහා පූර්ණ ගුවන් තහනමක්

රුසියානු ගුවන් යානා සඳහා පූර්ණ ගුවන් තහනමක් පැණවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුසියානු හිමිකාරීත්වය දරන – රුසියාව තුළ ලියාපදිංචි හෝ රුසියාව විසින් පාලනය කරනු ලබන ඕනෑම ගුවන් යානයකට යුරෝපා සංගමයට අයත් රටවල සිට ගුවන් ගතවීමට – ගොඩබැස්වීමට හෝ එම ගුවන් කලාප හරහා ගමන් කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

මේ අනුව රුසියානු ගුවන් සමාගම් රැසක් යුරෝපා ගමනාන්ත වෙත සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

මේ අතර අයදුම්පත් යොමු කිරීමකින් තොරව වසර 03 ක උපරිමයකට යටත්වන පරිදි යුක්රේන ජාතිකයන්ට සරණාගත වීසා නිකුත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

පෝලන්තය – රුමේනියාව – හංගේරියාව – මෝල්දෝවා සහ ස්ලොවේකියාව ඇතුලු රටවල් වෙත මේ වනවිටත් පළාගොස් ඇති සංඛ්‍යාව තුන් ලක්ෂ 68 දහසකට අධිකයි.

යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා සඳහා එකගතාවයක් ඇතිවී තිබෙනවා.

යුක්රේන ජනාධිපති කාර්යාලය සඳහන් කලේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව දෙපාර්ශවය යුක්රේන – බෙලරුසියා දේශසීමාවේදී මුණගැසීමට තීරණය වී ඇති බවයි.

යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර අද පැවති දුරකථන සංවාදයකින් අනතුරුවයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.

යුක්රේන නියෝජිත පිරිස පැමිණ සාකච්ඡා පවත්වා යළි යුක්රේනයට පැමිණෙන තුරු, බෙලරුසියාව තුළ ස්ථාපිත කර ඇති සියලු යුධ ගුවන් යානා – හෙලිකොප්ටර් සහ මිසයිල ක්‍රියාත්මක නොකරන බවටද බෙලරුසියානු ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් ලබාදී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කලා.

කෙසේවෙතත් රුසියානු හමුදා සෑම දිශාවකින්ම ශෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කලේ.

මේ අතර යුක්රේන – රුසියානු අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ජගත් මහා මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද දිනයේදී කැඳවා තිබෙනවා.

රුසියාව විසින් මේ සඳහා දැඩි විරෝධයක් පළකර ඇතත් එම යෝජනාව සම්මත වී තිබෙනවා.

ගැටුම් වහා නවතා සටන් විරාමයකට යොමුවන ලෙසටයි එමගින් යෝජනා කර ඇත්තේ.

Street fighting erupts in battle for Ukraine's capital Kyiv | Russia-Ukraine  crisis News | Al Jazeera
Ukraine conflict: UK intelligence fears 'bloody and brutal' war - BBC News
We've got used to the explosions': Ukrainian civilians on life in war |  Ukraine | The Guardian
Ukraine: 'There were so many people willing to give blood today' | Russia- Ukraine crisis | Al Jazeera
Russia attacking Ukraine: 'People are literally afraid to sleep'


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36