නිමල්ගෙන් අලුත් නීතියක්

පෞද්ගලික ආයතනවල නවක සේවකයන්ට අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා දීමේදී මාසයක් ඇතුළත එය ලබා දීම අනිවාර්ය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා සේවක අර්ථසාධක අරමුදලට අදාළව රෙගුලාසි ගැසට් කළ අතර ලබන ජූනි පළමු වන දා සිට එය ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා කීය. 

නවක සේවකයන් බඳවා ගැනීමේදී හාම්පුතුන් මාස කිහිපයක් යනතුරු අරමුදල්වල සාමාජිකත්වය ලබා නොදෙන අතර එයින් එම සේවකයන් අසාධාරණයට ලක්වන බැවින් මෙම පියවර ගත් බව කී අමාත්‍යවරයා සමහර අවස්ථාවලදී සේවකයන් වසර ගණන් අරමුදල්වලට දායක කර නොගෙන සිටි අවස්ථා පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති බව ද කියා සිටියේ ය.

බඳවා ගත් නවක සේවකයන් මේ වනතුරුත් අරමුදල්වලට දායක නොකළ හාම්පුතුන්ට එම සේවකයන් ස්ථිර කිරීමට කාලය ලැබෙන පරිදි ජූනි දක්වා කාලය දිගු කළ බව ත් ජූනි පළමු වන දා සිට මෙම නීතිය අනිවාර්ය වන බව ත් හෙතෙම සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුකඩු රෝග සෑදීමේ නව ප්‍රවණතාවයක් - රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මෙන්න
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32