ඊලෝන් මස්ක් ගෙන් තවත් සුපිරි වැඩක්

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතරින් කෙනෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලෝන් මස්ක් සැමවිටම පුදුම හිතෙන දේවල් කරන පුද්ගලයෙකි.

ඔහු, ටෙස්ලා සමාගමේ තමා ට හිමි ඩොලර් බිලියන 5.7ක කොටස් පුණ්‍ය ආයතනයකට පැවරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නමුත් එම වාසනාව හිමිවූ ආයතනය ගැන මෙතෙක් හෙළිවී නොමැත.

එම පරිත්‍යාගය කරන සමයේ ටෙස්ලා කොටසක් ඩොලර් 1,000කට පමණ අලෙවි වෙමින් පැවති බව සඳහන් විය.

මීට පෙර බිල් ගේට්ස් සහ මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට්ස් ද පසුගිය වසරේ එවැනි ආකාරයට පරිත්‍යාග කර ඇති අතර එහි වටිනාකම ඩොලර් බිලියන 15ක් පමණ විය.

“Chronicle of Philanthropy” සඟරාවට අනුව ඔවුන් දෙදෙනා ධනවත් දානපතියන් අතර ඉදිරියෙන්ම සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?