කොරෝනා ආසාදිත ගැබිණි මවුවරුන්ගේ වැඩිවීමක්

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදනය වූ ගර්භිණී කාන්තාවන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

මේ පිළිබඳ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ,

“කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අතර ඩෙංගු ආසාදිත මව්වරුන් ද වැඩි වෙනවා.”

“ඒ නිසා මේ උණ රෝගයත් සමග දින 4ක් 5ක් නිවසේ රැඳීසිටිය හොත් රෝගී තත්ත්වය වැඩිවෙනවා. ඒක බරපතළ තත්ත්වයකට යන්න පුළුවන්.”

“ඒ නිසා සැක සහිත රෝග ලක්ෂණ තිබෙන ගැබිනි මව්වරුන් තම ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් ඉන්න වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගත යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?