හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඇන්ෆිල්ඩ් ප්‍රදේශයේ දී බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. අද (08) පෙරවරු 9ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරනවා.
අනතුරට ලක්වු බස් රථය හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි.
සිය ගමන් වාරය ආරම්භ කිරීම සඳහා රියදුරු විසින් බස් රථය පනගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරළීගොස් ඇති බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී බස් රථය තුළ කිසිඳු මගියෙකු සිට නොමැති අතර බස් රථයට දැඩි හානී සිදුව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




