AFC Banner
Empty Ad
Empty Ad

ධනුෂ්ක ගුණතිලක තීරණාත්මක තීරණයක් ගනී

ශ්‍රී ලංකා, ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු මෙම තීරණය සඳහන් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇත්තේ පසුගිය සතියේදීයි.

පසුගිය වසරේ ජූනි මාසයේ යෙදී තිබුණු එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල කඩ කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්, දනුෂ්ක ගුණතිලකට මේ වසරේ ජූනි මස දක්වා බල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 8කට ක්‍රීඩා කර ඇති දනුෂ්ක එහිදී ලකුණු 299ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් ද සමගින්.

30 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙන්නේද සීමිත පන්දුවාර ක්‍රීඩාව සඳහා වන ශාරීරික යෝග්‍යතාව රැක ගැනීමේ අරමුණෙන් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කරන ලද සිය ලිපියේ ධනුෂ්ක ගුණතිලක සඳහන් කර ඇත්තේ, තමන් තවදුරටත් සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව, පන්දුවාර 50 සහ පන්දුවාර 20 තරග සඳහා ජාතික කණ්ඩායමට හැකි උපරිම දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.

“මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම සැමවිටම ගෞරවයක් වන අතර, මට ආරාධනා කරන ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරියටත් මගේ හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබා දීමට මම බලාපොරොත්තු වෙමි,” ඔහුගේ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදය ගම්මන්පිල අද රෑ අත්අඩංගුවට ? විශේෂ හෙළිදරව්ව මෙන්න
Video thumbnail
වාහන Show එකකුත් කළා - පාරවල් අරින Show එකකුත් කළා - කංචනට යකා ඇවිස්සෙයි - සියල්ල හෙළිකරයි
Video thumbnail
හර්ෂ විශේෂ හෙළිදරව්වක් කරයි
12:29
Video thumbnail
ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට අගමැතිණියගෙන් ලැබුණ දේ #hariniamarasuriya
01:57
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53

?