ධනුෂ්ක ගුණතිලක තීරණාත්මක තීරණයක් ගනී

ශ්‍රී ලංකා, ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු මෙම තීරණය සඳහන් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇත්තේ පසුගිය සතියේදීයි.

පසුගිය වසරේ ජූනි මාසයේ යෙදී තිබුණු එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල කඩ කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්, දනුෂ්ක ගුණතිලකට මේ වසරේ ජූනි මස දක්වා බල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 8කට ක්‍රීඩා කර ඇති දනුෂ්ක එහිදී ලකුණු 299ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් ද සමගින්.

30 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙන්නේද සීමිත පන්දුවාර ක්‍රීඩාව සඳහා වන ශාරීරික යෝග්‍යතාව රැක ගැනීමේ අරමුණෙන් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කරන ලද සිය ලිපියේ ධනුෂ්ක ගුණතිලක සඳහන් කර ඇත්තේ, තමන් තවදුරටත් සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව, පන්දුවාර 50 සහ පන්දුවාර 20 තරග සඳහා ජාතික කණ්ඩායමට හැකි උපරිම දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.

“මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම සැමවිටම ගෞරවයක් වන අතර, මට ආරාධනා කරන ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරියටත් මගේ හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබා දීමට මම බලාපොරොත්තු වෙමි,” ඔහුගේ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58